මාර්තු අග චීනයේ ෂැංහයි අගුලු දැමීමෙන් පසු කොවිඩ් අසාදිත මරණ 3ක්

මාර්තු අග චීනයේ ෂැංහයි අගුලු දැමීමෙන් පසු කොවිඩ් අසාදිත මරණ 3ක්

චීනයේ ෂැංහයි ප්‍රදේශයේ  මාර්තු මාසයේ අග දී අගුලු දැමීමෙන් පසු පළමු වතාවට කොවිඩ් ආසාදිත පුද්ගලයින් තිදෙනෙකුගේ මරණ වාර්තා වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එරට නගර සෞඛ්‍ය කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයක සඳහන් කර තිබෙන්නේ මිය ගිය අය වයස අවුරුදු 89 ත් 91 ත් අතර වයස්වල පසුවන අය බවයි

එමෙන්ම මොවුන් එන්නත් ලබා නොගත් අය බවද සඳහන්.

මේ අතර ෂැංහයි බලධාරීන් පවසන්නේ වයස අවුරුදු 60 ට වැඩි පදිංචිකරුවන්ගෙන් 38% ක් පමණක් සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති බවයි.

දිනකට නව රෝගීන් 20,000 කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා වන බැවින්  ප්‍රදර්ශන ශාලා සහ පාසල් නිරෝධායන මධ්‍යස්ථාන බවට පරිවර්තනය කර තාවකාලික රෝහල් පිහිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

Share This