පාකිස්ථාන ගුවන් ප්‍රහාරවලින් මියගිය ඇෆ්ගනිස්ථානුවන් සංඛ්‍යාව 40 ඉක්මවයි

පාකිස්ථාන ගුවන් ප්‍රහාරවලින් මියගිය ඇෆ්ගනිස්ථානුවන් සංඛ්‍යාව 40 ඉක්මවයි

ඇෆ්ගනිස්ථානයේ ‍කාඕස්ට් සහ කුන්නාර් පළාත්හි ප්‍රදේශ රැසකට එල්ල වූ පාකිස්ථාන ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයන් 40 දෙනෙකුට වැඩි පිරිසක් මිය‍ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පාකිස්ථාන ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා පසුගිය සිකුරාදා රාත්‍රියේ අවස්ථා කිහිපයක දී එල්ල කළ මෙම ප්‍රහාරවලින් මියගිය පිරිස අතර දරුවන් සහ කාන්තාවන්ද වන බව සඳහන්.

ඇෆ්ගනිස්ථානයේ සිට එල්ල වූ ප්‍රහාරයකින් පසුගියදා පාකිස්ථාන හමුදාවේ සාමාජිකයන් හත්දෙනෙකු මියගියා.

ඉන් අනතුරුව පාකිස්ථාන හමුදා විසින් ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්තවාදී ඉලක්ක වෙත මෙලෙස ප්‍රහාර එල්ල කර ඇති බවයි පැවසෙන්නේ.

මෙම ගුවන් ප්‍රහාර හේතුවෙන් මේ වන විට ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය අතර දේශපාලන නොසන්සුන්තාවයක් ද නිර්මාණය වී තිබෙනවා.

Share This