ඇෆ්ගනිස්ථානයේ පාසල් ආශ්‍රිතව බෝම්බ පිපිරිම් මාලාවක්.
ගතවූ සතියක පමණ කාලයක් තුළ දී ඇෆ්ගනිස්ථානයේ පාසල් ආශ්‍රිතව බෝම්ම පිපිරීම් මාලාවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා..
එරට මාධ්‍ය වාර්තා කළේ, මෙහිදී පුද්ගලයන් විසිදෙනෙකු පමණ මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි.
කාබුල් හි ඩෂාත් ඊ බාචි දිස්ත්‍රික්කයේ අබ්දූල් රාහිම් ෂාහිඩ් පාසලේ ක්‍රීඩාංගණයේ පිපිරීම් තුනක් සිදුව තිබෙනවා.
බටහිර කාබුල් හි මුම්ටාස් විද්‍යාලයේ ද තවත් මෙවැනිම පිපිරීමක් සිදුව ඇති බව ඳහන්.
මෙම බෝම්බ පිපිරවීම්වල වගකීම මෙතෙක් කිසිදු සංවිධානයක් විසින් භාරගෙන නැහැ.