දින 20ක් ඇතුළත දෙවරක් කොවිඩ් වැළඳුණු ස්පාඤ්ඤ සෞඛ්‍ය සේවිකාව

දින 20ක් ඇතුළත දෙවරක් කොවිඩ් වැළඳුණු ස්පාඤ්ඤ සෞඛ්‍ය සේවිකාව

දින 20ක් ඇතුළතදී ස්පාඤ්ඤ සෞඛ්‍ය සේවිකාවකට දෙවරක් කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

31 හැවිරිදි සෞඛ්‍ය සේවිකාවකටයි  මෙලෙස දෙවතාවක් කොවිඩ් වැළඳී තිබෙන්නේ

එය ආසාදන වැළඳීම අතර කෙටිම පරතරය බව ස්පාඤ්ඤ පර්යේෂකයන් ප්‍රකාශ කරනවා.

පරීක්ෂණ වලින් පෙන්නුම් කර තිබෙන්නේ මෙම කාන්තාවට ඩෙල්ටා සහ ඔමික්‍රොන් යන ප්‍රභේද දෙකම වැළඳී ඇති බවයි

මේ අතර මීට පෙර Covid වැළඳී තිබුණත්, සම්පූර්ණයෙන්ම එන්නත් කළත් නැවත වරක් කොවිඩ් ආසාදනය විය හැකි බව පර්යේෂකයෝ සඳහන් කරනවා.

Share This