රුසියානු බලශක්තිය මත යැපීම අවසන් කිරීමට ජර්මනියෙන් සූදානමක්
ජර්මනිය රුසියානු බලශක්තිය මත යැපීම අවසන් කිරීමට උපරිම ක්‍රියාමාර්ග ගනිමින් සිටින නමුත් ඒ සඳහා කාලයක් ගතවනු ඇතැයි එරට මුදල් ඇමතිවරයා පවසා තිබෙනවා
නමුත් මීට පෙර විදේශ අමාත්‍ය ඇනලේනා බෙයර්බොක් ප්‍රකාශ කර තිබුණේ ජර්මනිය විසින් ගෑස් භාවිතයට වැඩි වශයෙන් යොමු වෙමින් වසර අවසානය වන විට තෙල් ආනයනය අවසන් කරන බවයි.
මේ අතර යුක්රේන ජනාධිපති Volodymyr Zelensky රුසියානු බලශක්ති ආනයනය සීමා කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ජර්මනියට චෝදනා එල්ල කර තිබෙනවා
එක්සත් ජනපදය දැනටමත් රුසියානු තෙල් ආනයනය තහනම් කර තිබෙන බව සඳහන්
නමුත් යුරෝපා සංගම් රටවල් රුසියානු බලශක්තිය මත දැඩි ලෙස රඳා පවතින අතර ජර්මනිය දැනට එහි තෙල්වලින් 25% ක් සහ ගෑස්වලින් 40% ක් රුසියාවෙන් මිලදී ගන්නා බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ
කෙසේවෙතත් පවතින යුද්ධයට ප්‍රතිචාර වශයෙන් රුසියාවේ Nord Stream 2 ගෑස් නල මාර්ගය විවෘත කිරීම ජර්මනිය දැනටමත් අත්හිටුවා තිබෙනවා