සසෙක්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක් ලංකාවේ ආර්ථික අර්බුදය ගැන කියන දේ
පාලකයන් විසින් නිර්මාණය කරන ලද ගැටළු හේතුවෙන් ඉතිහාසයේ මෙතෙක් මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින බවත් එය අතිශයින් බරපතළ බවත් බදු සහ සංවර්ධන ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ ආරම්භක ප්‍රධාන විධායක නිලධාරී සසෙක්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මික් මුවර් පවසනවා.
ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී තිබෙන ආර්ථික හා දේශපාලන ප්‍රශ්න සම්බන්ධයෙන් දකුණු ආසියානු අධ්‍යයනය සඳහා වූ යුරෝපීය පදනමේ අධ්‍යක්ෂක ජුනායිඩ් කුරේෂි සමග සිදුකරන ලද සම්මුඛ සාකච්ඡාවකදී සසෙක්ස් විශ්ව විද්‍යාලයේ සංවර්ධන අධ්‍යයන ආයතනයේ ඉහළ පිළිගැනීමක් ඇති දේශපාලන ආර්ථික විද්‍යාඥයෙකු සහ මහාචාර්යවරයෙකු වන මික් මුවර් මේ බව සදහන් කළා.
සාකච්ඡාව මෙහෙය වූ කුරේෂි මෙහිදී වර්තමාන රජයේ තීරණ හේතුවෙන් ජනතාව පීඩා විදින බවත් ආහාර, ඖෂධ, කිරිපිටි, ගෑස් සහ ඉන්ධන වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල උග්‍ර හිඟය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදුව ඇති බවත් පෙන්වා දුන්නා.
ලෝක බැංකුවේ ඇස්තමේන්තු වලට අනුව, කොවිඩ් වසංගතයෙන් පසු මිලියන භාගයකට වැඩි ශ්‍රී ලාංකිකයන් දැනටමත් දරිද්‍රතාවය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවට වන කරුණු ද කුරේෂි මෙහිදී මහාචාර්යවරයාගේ අවධානයට යොමු කළා.
මේ ගැටලු සහ පෙන්වාදීම්වලට ප්‍රතිචාර ලෙස මහාචාර්ය මුවර් සහන් කළේ, වත්මන් ලාංකීය ආර්ථික අර්බුදය මුළුමනින්ම පාහේ ඇතිවූයේ අතිශය ඥානාන්විත නොවන රජයේ තීරණ හේතුවෙන් බවයි. කෝවිඩ් වසංගතය ඇතුළු ගැටළු ද වර්තමානයේ ජාත්‍යන්තර ආහාර සහ ඉන්ධන මිල ඉහළ යාම ද සිදුව ඇති මුත් වත්මන් ලාංකීය ආර්ථික අර්බුදයට බලපෑ ප්‍රධානතම හේතුන් ඒවා නොවන බව ද මහාචාර්යවරයා මෙහිදී සදහන් කළා.
ශ්‍රී ලංකාව ඉතා ගැඹුරට ණය බරින් මිරිකී සිටින අතර එයට එක් හේතුවක් වන්නේ දේශපාලනික වශයෙන් ඉතා ජනප්‍රියවීමට සහ මුදල් අවභාවිතාවන් සදහා පහසුම මාර්ගයක් වන යටිතල පහසුකම් ව්‍යාපෘති, වරායන් සහ මාර්ග විශාල ප්‍රමාණයකට අරමුදල් සපයාගැනීම සදහා ජාත්‍යන්තරයෙන් ඉතා විශාල ණය ලබා ගැනීම බවද මහාචාර්ය මුවර් සදහන් කරනවා.
වත්මන් ජනාධිපතිවරයා තේරී පත්වීමෙන් පසු 2019 වර්ෂයේ අගභාගයේ දී රටේ ආදායමෙහි ගැටළු පැවති අවස්ථාවක බදු ආදායමෙන් සියයට 30ක් පමණ ඉදිරි වසර සඳහා අහිමි කරගැනීම ද ආර්ථික බිදවැටීමට බලපෑ බව ඔහු පෙන්වා දෙනවා.
ප්‍රශ්නය – ඔබ පැවසූයේ රජයේ වැරදි තීරණ සහ පාලකයන් විසින් ඇති කරන ලද ගැටලු නිසා මෙම තත්ත්වය ඇති වූ බවයි. මේ දරාගත නොහැකි ණය ව්‍යුහය වත්මන් රාජපක්ෂවරැන්ගේ පාලනය සමග කොතරම් දුරකට සම්බන්ධ ද?
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර නැව් ගමනාගමනය සඳහා ඉතා වැදගත් කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත වී තිබෙනවා. එමෙන්ම විශාල නාවික සහ ප්‍රතිනැව්ගත කිරීමේ ව්‍යාපාර රාශියක් ඇති ආසියාවේ බොහෝ රටවල් සමඟ ආර්ථික සබඳතා තිබෙනවා. ශ්‍රී ලංකාව ආසියානු ආර්ථික වර්ධනයෙන් ප්‍රතිලාභ ලැබූ රටක්. එබැවින් රජයේ ප්‍රතිපත්ති සමඟ විශේෂයෙන් සම්බන්ධ නොවූවත් සිවිල් යුද්ධය මැද පවා ආර්ථික වර්ධනය ඉදිරියට ගෙන ගියා. විදේශ මුදලින් විශාල ජාත්‍යන්තර ණය පැමිණෙන්නේ 2008, 2009 මූල්‍ය අර්බුදයෙන් පසුවයි. ඒ සම්පූර්ණයෙන්ම රාජපක්ෂ පාලනය යටතේයි. ඉතින් ඒ අයට කියන්න විදියක් නෑ මේක පහුගිය ආණ්‌ඩුවක් නිසා වුණා කියලා.
ප්‍රශ්නය – සිවිල් යුද්ධය ගැන ඔබ කතා කළා. මේ වත්මන් ආර්ථික අර්බුදය සිවිල් යුද්ධයේ ඉතිහාසයට සම්බන්ධ වන්නේ කෙසේද?
ශ්‍රී ලංකා රජය යුද්ධයේ වියදම් පියවා ගත්තේ වෙනත් ආකාරයේ රාජ්‍ය වියදම්, විශේෂයෙන් අධ්‍යාපනය සහ වෙනත් මහජන සේවාවන් සඳහා වන වියදම් අඩු කිරීමෙන් .ඉතින් ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවේ ජනතාව යුද්ධයට අරමුදල් සැපයූ අතර, යුද්ධය අතරතුර පවා, යුද්ධය සඳහා ගෙවීමට අවශ්‍ය මුදල් බදු ආදායම් මගින් ලබා ගැනීමට රජය කිසි විටෙකත් උත්සාහ කළේ කළේ නැහැ.
ප‍්‍රශ්නය – චීනයේ ආධාර මත සිදුවන ඇතැම් ව්‍යාපෘති රටේ ආර්ථික අර්බුදයට පමණක් නොව දේශපාලන අර්බුදයට බලපෑමක් බව පැවසෙනවා. එම තත්වය ඔබ දකින්නේ කෙසේද?
ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ වැනි විශාල යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා අරමුදල් සපයන්නේ චීනය පමණක් නොවෙයි. එබැවින් මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම චීන රජයටම දොස් කීමටත් නොහැකියි. ආසියාතික රජයන් , විශේෂයෙන්ම ඉන්දියාව සහ චීන රජයන් මෙරට ආයෝජන සඳහා යම් තරඟයක සිටිනවා. එබැවින් ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයීමට කැමැත්තෙන් සිටින බව සත්‍යයක්. එහෙත් ශ්‍රී ලංකා රජයට අවශ්‍ය නොවන දේ කිරීමට බල කිරීම සඳහා චීන රජය කිසිදු ආකාරයකින් බලපෑම් කළ බවටත් කිසිදු සාක්ෂියක් නෑ,
ප්‍රශ්නය – විශාල අර්බුදය මොකක්ද? ඒක දේශපාලනික එකක්ද? නැත්නම් එය ආර්ථිකමය එකක්ද?
මේ දෙකම ඉතා ගැඹුරු ආකාරයකින් එකට බැඳී ඇති අර්බුදයක් ගැනයි මම කියන්නෙ.
ප්‍රශ්නය – ශ්‍රී ලංකාවෙන් සමහර සරණාගතයින් අතීතයේ මෙන්, ඉන්දියාවට විශේෂයෙන් දකුණු ඉන්දියාවට සංක්‍රමණය වීමට හෝ පලා යාමට ඉඩ ඇති අතර එය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතාවලට බලපාන්නේ කෙසේද?
මිනිසුන් ඉන්දියාවට පැන යාමට උත්සාහ කරන බවක් පෙනෙන්නට නැහැ. කෙසේවෙතත් ඉතා ස්වල්ප පිරිසක් මේ මොහොතේ පලා යා හැකියි. එහෙත් එය ලොකු ප්‍රශ්නයක් වේයැයි මම සිතන්නේ නැහැ.