ඉන්දියාවේ ප්‍රාන්ත 5කට දැඩි උණුසුම් තත්ත්වයක්
ඉන්දියාවේ කාලගුණ දෙපාර්තමේන්තුව ප්‍රාන්ත පහකට උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සෙල්සියස් අංශක 45ක පමණ උෂ්ණත්වයක් බලාපොරොත්තු විය හැකි බවත් එය ඉදිරි දින පහක කාලයක් සඳහා පැවතිය හැකි බවත් සඳහන්
රාජස්ථාන්, දිල්ලි, හර්යානා, යූපී සහ ඔඩිෂා යන ප්‍රාන්තවල ඇතැම් ප්‍රදේශවලට සෙල්සියස් අංශක 45 ට වැඩි උෂ්ණත්වයක් වාර්තා වන බැවින් උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර තිබෙන බව සඳහන්
මෙම දරුණු තත්ත්වය මැයි මස මුල් සතිය දක්වා පැවතිය හැකි බවයි පැවසෙන්නේ
උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 සීමාව ඉක්මවා යාමත් සමඟ ඔඩීෂා ප්‍රාන්තය උණුසුම් කාලගුණය හේතුවෙන් ප්‍රාන්තයේ සියලුම පාසල් වසා දමා තිබෙනවා .