චීනයේ කොවිඩ් ව්‍යාප්තිය නරක අතට

චීනයේ කොවිඩ් ව්‍යාප්තිය නරක අතට

කොවිඩ් ඔමික්‍රොන් ප්‍රභේදය බීජිං හි සතියක කාලයක් පුරා අනාවරණය නොවී පැතිරයාම නිසා චීනයේ කොවිඩ් ව්‍යාප්තිය නරක අතට හැරී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මේ අතර, ෂැංහයිහි ඉහළ යන මරණ සහ රෝගීන් සංඛ්‍යාව හමුවේ එහි කොටස් වෙළඳපොල ද විශාල පසුබෑමකට ලක් වී ඇති බව සඳහන්.

චීනයේ අගනුවර කොවිඩ් වයිරසය සතියක් පමණ හඳුනා නොගෙන පැතිරී ඇති බව බලධාරීන් පසුගියදා සඳහන් කළා.

සඳුදා නිකුත් කරන ලද දත්තවලට අනුව, ෂැංහයි හි මරණ 51 දක්වා ඉහළ ගිය අතර, රෝග ලක්ෂණ සහිත රෝගීන් පැය 24 තුළ සියයට 76.4 කින්, එනම් 2,472 කින් ඉහළ ගොස් ඇති බව ද සඳහන්.

මෙසේ චීනයේ පැතිර යන කොවිඩ් තත්ත්වය හේතුවෙන් ලොව දෙවන විශාලතම ප්‍රාග්ධන කොටස් වෙළඳපොලේ මිණුම් දඩු පහත වැටීමට හේතු වී අතර ෂැංහයි සංයුක්ත දර්ශකය සියයට 5.1 කින් සහ ෂෙන්සෙන් සංරචක දර්ශකය සියයට 6.1 කින් පහත වැටී තිබෙනවා.

මෙම පසුබෑම හොංකොං වෙත ද බලපා ඇති අතර, ඒ අනුව එහි ප්‍රධාන හැන් සෙන් දර්ශකය සියයට 4 කින් පහත වැටී ඇති බව සදහන්.

Share This