රුසියානු ජනාධිපති ගැටුම් අවසන් කිරීමට සූදානම් නෑ

රුසියානු ජනාධිපති ගැටුම් අවසන් කිරීමට සූදානම් නෑ

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්‍රේනයේ දිගුකාලින යුද්ධයකට සූදානම් වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මෙතෙක් ලබා ගෙන ඇති ජයග්‍රහණයෙන් පවා ගැටුම අවසන් නොවිය හැකි බවයි එක්සත් ජනපද බුද්ධි අංශ අනතුරු අඟවා තිබෙන්නේ

රුසියාව විසින් අත්පත් කර ගැනීමට උත්සාහ කරන යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශයේ දරුණු සටන් අඛණ්ඩව පැවතීමත් සමග මෙම අනතුරු ඇඟවීම සිදු කර තිබෙනවා

මේ අතර යුක්‍රේන බලධාරීන් කියා සිටින්නේ ඊසානදිග Kharkiv ප්‍රදේශයේ ජනාවාස හතරක් නැවත අත්පත් කර ගත් බවයි.

Share This