උතුරු කොරියාවෙන් පළමුවරට කොවිඩ් රෝගීන් වාර්තා වෙයි

උතුරු කොරියාවෙන් පළමුවරට කොවිඩ් රෝගීන් වාර්තා වෙයි

පළමුවරට නිල වශයෙන් කොවිඩ් රෝගීන් වාර්තා වීමත් සමග උතුරු කොරියාව අගුලු දැමීමට පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එරට රාජ්‍ය මාධ්‍ය විසින් Pyongyang අගනුවර Omicron වෛරසයේ පැතිරීම වාර්තා කර ඇති නමුත් රෝගීන් සංඛ්‍යාව සඳහන් කර නැති බවයි පැවසෙන්නේ

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් කොවිඩ් 19 වෛරසය එරටින් තුරන් කිරීමට කඩිනම් පියවර ගැනීමට ප්‍රතිඥා දුන් බවද සඳහන්

මේ අතර නිරීක්ෂකයින් විශ්වාසය පළ කරන්නේ වෛරසය දිගු කලක් රට තුළ පවතින බවටයි

නමුත් උතුරු කොරියාව Covid-19 එන්නත් ලබා දීම එරට පරිපාලනය විසින් මීට පෙර ප්‍රතික්ෂේප කර තිබුණ බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

Share This