හොංකොංහි “කාදිනල් ජෝසප් සෙන්” චීනයේ ආරක්ෂක නීතිය යටතේ අත්අඩංගුවට
චීනයේ ජාතික ආරක්ෂක නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් එරට කතෝලික පල්ලියේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයෙකු හොංකොංහිදී අත්අඩංගුවට ගෙන ඇති බව එරට පොලිසිය තහවුරු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
අත්අඩංගුවට ගෙන ඇත්තේ 90 හැවිරිදි ජෝසප් සෙන් නැමැති කාදිනල්වරයා බවයි සඳහන් වන්නේ ,
හොංකොං පොලිසිය බීබීසී පුවත් සේවයට පවසා තිබෙන්නේ මෙම කාදිනල්වරයා හොංකොං වෙත සම්බාධක පනවන ලෙස විදේශ රටවලට හෝ සංවිධානවලට ආයාචනා කරන බවට සැක කරන බවත්, එය චීනයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇති බවත්ය.
වසර 70 කට පෙර කොමියුනිස්ට්වාදීන් චීනය අත්පත් කර ගැනීමෙන් පසු කාදිනල් සෙන් ෂැංහයි හොංකොං වෙත පලා ගොස් තිබෙනවා
ඔහු හොංකොං හි හිටපු රදගුරුවරයෙක්ද වනවා .
මේ අතර කාදිනල්වරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වතිකානුව කනස්සල්ලට පත්ව සිටින බව ප්‍රකාශක Matteo Bruni නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා