දකුණු අප්‍රිකාවේ ගංවතුරෙන් අතුරුදන් වූ 48ක් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව-445ක් මරුට

දකුණු අප්‍රිකාවේ ගංවතුරෙන් අතුරුදන් වූ 48ක් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව-445ක් මරුට

පසුගිය මාසයේ දකුණු අප්‍රිකාවේ නැගෙනහිර ප්‍රදේශයක KwaZulu-Natal පළාතේ ඇතිවූ ගංවතුරෙන් පසු තවමත් අතුරුදන් වූ පුද්ගලයින් 48 දෙනෙකු සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එමෙන්ම නිල මරණ සංඛ්‍යාව 445ක් බවයි සඳහන් වන්නේ

පොලිසිය සහ හමුදාව ඇතුළු ආපදා කළමනාකරණ කණ්ඩායම් සෝදිසි කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කරන නමුත් මොවුන් ජීවතුන් අතර සිටීමේ විශ්වාසයක් නැති බවද සඳහන් කරනවා

ඇතිවූ වර්ෂාපතනය හේතුවෙන් බොහෝ නිවැසියන් සති ගණනාවක් සඳහා ජලය සහ විදුලිය නොමැතිව සිටින බවද සඳහන්

ජනාධිපති සිරිල් රමෆෝසා විසින් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ජාතික ආපදා තත්ත්වයක් තවමත් ක්‍රියාත්මක බවයි පැවසෙන්නේ

Share This