චීනයේ මුදල් ඒකකය පිරිහෙයි
චීනයේ යුවාන් මුදල් ඒකකය පසුගිය මාස 18 තුළ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අඩුම අගයට ළඟා වී තිබෙනවා.
එය 2020 ඔක්තෝබර් 30 න් පසු වාර්තා වූ අඩුම අගය වන ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 6.7134 දක්වා පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.
බීජිං හි නව කොවිඩ් පැතිරයාම සහ ෂැංහයිහි අඛණ්ඩ අගුලු දැමීම් මධ්‍යයේ මහජන චීන බැංකුව අප්‍රේල් අග සිට රටේ ජාතික මුදල්වල වටිනාකම පහත හෙලමින් සිටින අතර එමඟින් නිෂ්පාදන හා සැපයුම් දාමයට බාධා ඇති වූ බව Xinhua පුවත් සේවය වාර්තා කරනවා.
මේ අතර චීනයේ අපනයන වර්ධනය ද අප්‍රේල් මාසයේදී සියයට 3.9 දක්වා තියුනු පහත වැටීමක් පෙන්නුම් කර ඇති බව සදහන්.
ආර්ථික විශේෂඥයින් පවසන්නේ වත්මන් චීන ආර්ථිකයේ මන්දගාමිත්වයට මූලික වශයෙන් හේතු වී ඇත්තේ කොවිඩ් අගුලු දැමීමේ නීති බවයි.