මාලදිවයිනේ කථානායක සජිත්ව හමුවේ
මාලදිවයිනේ වත්මන් කථානායක මොහොමඩ් නෂීඩ් මහතා අද (21) විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු තිබෙනවා.
එහිදී ද්විපාර්ශ්වීය වශයෙන් සුවිශේෂී කරුණු රැසක් පිළිබඳව සාකච්ඡාවට ලක් කෙරුණු අතර විශේෂයෙන්ම ශ්‍රී ලංකාවත් මාලදිවයින් අතර පවත්නා දීර්ඝකාලීන මිතුදම පිළිබඳවද මෙහිදී දෙපාර්ශවයේ අවධානය යොමු කළ බවයි විපක්ෂ නායක කාර්යාලය සඳහන් කළේ.