පසුගියදා ටෙක්සාස් පාසැලේ වෙඩි තැබීමෙන් මිය ගිය ගුරුවරියකගේ සැමියා ඇය නැති සොවින් මිය යයි

පසුගියදා ටෙක්සාස් පාසැලේ වෙඩි තැබීමෙන් මිය ගිය ගුරුවරියකගේ සැමියා ඇය නැති සොවින් මිය යයි

ටෙක්සාස් ප්‍රාන්තයේ පසුගියදා පාසලක සිදුවූ සමූහ වෙඩි තැබීමෙන් මියගිය එක් ගුරුවරියකගේ සැමියා හෘදයාබාධයකින් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මෙලෙස මිය ගොස් ඇත්තේ ජෝ ගාර්ෂියා රොබ් නැමති ටෙක්සාස් ප්‍රාථමික පාසලේ වසර 23ක් ඉගැන්වූ ඉර්මා ගාර්ෂියාගේ සැමියා බවයි පැවසෙන්නේ

විවාහ වී වසර 24 ක් ගත වූ මෙම යුවළට දරුවන් හතර දෙනෙක් සිටිනවා

ට්විටර් සටහනක් තබමින් ගාර්ෂියා මහත්මියගේ බෑණනුවන් වන ජෝන් මාර්ටිනස් කියා තිබෙන්නේ ගාර්ෂියා මහතා තම බිරිඳගේ ඝාතනයෙන් පසු “ශෝකයෙන් සිට හෘදයාබාධයකින් මිය ගිය” බවයි.

Share This