ඇමෙරිකාවේ ප්‍රහාරක අවි තහනම් කරන ලෙස කමලා හැරිස්ගෙන් ඉල්ලීමක්

ඇමෙරිකාවේ ප්‍රහාරක අවි තහනම් කරන ලෙස කමලා හැරිස්ගෙන් ඉල්ලීමක්

එක්සත් ජනපදයේ සිදුවූ සමූහ වෙඩි තැබීම්දෙකකින් පසු ප්‍රහාරක අවි තහනම් කරන ලෙස එක්සත් ජනපද උප ජනාධිපති කමලා හැරිස් ඉල්ලීමක් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා .

හැරිස් මහත්මිය සුපිරි වෙළඳසැලක දී ඝාතනය කරන ලද 86 හැවිරිදි රූත් විට්ෆීල්ඩ්ගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වෙමින් මේ බව පවසා තිබෙනවා

එමෙන්ම ටෙක්සාස් ප්‍රාථමික පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් ළමුන් 19 දෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු මිය යාම ගැනත් සිහිපත් කරමින් ප්‍රචණ්ඩත්වයට නැවතීමේ තිත තැබීමට කාලය පැමිණ ඇති බවද හැරිස් මහත්මිය සඳහන් කළ බවයි පැවසෙන්නේ

Share This