විදුලිබල මණ්ඩල සභාපතිවරයා කළ ප්‍රකාශය ජනපති ප්‍රතික්ෂේප කරයි
මන්නාරම සුළං බල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කෝප් කමිටුවේදී විදුලිබල මණ්ඩල සභාපතිවරයා කළ ප්‍රකාශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කරමින් ට්ව්ටර් පණිවුයක් නිකුත් කර තිබෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ(10) කොප් කමිටුව හමුවට කැඳවනු ලැබූ අතර එහිදී මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉන්දියානු අදානි සමාගමට ලබා දීමට තීරණය කිරීම සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා සිය අදහස් දක්වා තිබුණා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ ට්ව්ටර් පණිවුය පහතින් දැක්වෙනවා.