ඉන්දියාවෙන් වියට්නාමයට අධිවේගී ආරක්ෂක බෝට්ටු
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං වියට්නාමයට ඩොලර් මිලියන 100 ක ණය පහසුකම යටතේ නිෂ්පාදනය කරන ලද අධිවේගී ආරක්ෂක බෝට්ටු 12 ක් භාර දී තිබෙනවා.
බෝට්ටු භාරදීමේ උත්සවයට ඉන්දියාවේ සහ වියට්නාමයේ ජ්‍යෙෂ්ඨ සිවිල් සහ හමුදා නිලධාරීන් රැසක් ද එක්ව සිටියා.
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇති වූ අභියෝග මධ්‍යයේ වුවද ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීම ඉන්දීය ආරක්ෂක නිෂ්පාදන අංශයේ දියුණුව පෙන්නුම් කරන අවස්ථාවක් බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී සදහන් කළා.
මේ අතර විදෙස් වාර්තා සඳහන් කළේ, අනාගතයේදී ඉන්දියාව සහ වියට්නාමය අතර තවත් ආරක්ෂක සහයෝගීතා ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවීමට නියමිත බවයි.
මෙය චීනයේ නැගීමට සාපේක්ෂව ඉන්දු පැසිෆික් කලාපයේ කැපී පෙනන ආරක්ෂක සබඳතා වර්ධනයක් බව ආරක්ෂක විශ්ලේෂකයන්ගේ අදහස වී තිබෙනවා.