මේ සිදුවෙමින් පවතින්නේ වංචාකාරී රාජපක්ෂ ආණ්ඩුවේම දිගුවක්

මේ සිදුවෙමින් පවතින්නේ වංචාකාරී රාජපක්ෂ ආණ්ඩුවේම දිගුවක්

විදුබල මණ්ඩලයේ සභාපති කෝප් කමිටුවේදී කරන හෙළිදරව්ව අතිශයින් බරපතළ බව පවසන විපක්ෂ නායකවරයා අද ඔහු එය ප්‍රතික්ෂේප කරන්නේ කාගේ බලපෑමට දැයි කිව යුතු බව පවසනවා.

අද (12) සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේදී  සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් හමුවීමෙන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළා.

විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා කෝප් කමිටුවේදී කරන ලද ප්‍රකාශය ඒ මොහොතේ පත්ව සිටි පීඩනය හේතුවෙන් තමන් කළ බවට අද පවසන බව විපක්ෂ නායකතුමා ප්‍රකාශ කළා.

සභාපතිවරයා පැවසූ සත්‍ය වෙනුවට ඔහුම නැවත අසත්‍යය  ප්‍රකාශ තුළින් කරන නාඩගම රටේ මහජන නියෝජිතයින්ගේත්, ජනතාවගේත් වරප්‍රසාද කඩවූ බවද සඳහන් කර තිබෙනවා.

Share This