මානුෂීය ආධාර ලෙස ලබා දුන් තිරිඟු පිටි ඇෆ්ගනිස්ථානයේ සිට නැවත ගෙන යද්දී හසුවේ

මානුෂීය ආධාර ලෙස ලබා දුන් තිරිඟු පිටි ඇෆ්ගනිස්ථානයේ සිට නැවත ගෙන යද්දී හසුවේ

මානුෂීය ආධාර ලෙස ඉන්දියාවෙන් ලබා දුන් තිරිඟු පිටි තොග ඇෆ්ගනිස්ථානයේ සිට නැවත රහසේ රැගෙන යාමට ගත් උත්සහයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

හෙල්මාන්ඩ් පළාතේ තලේබාන් ආරක්ෂක නිලධාරීන් තිරිඟු පිරවූ ට්‍රක් රථ 50ක් නීතිවිරෝධී ලෙස දේශසීමාව හරහා පාකිස්ථානයට යාම වළක්වා ඇතැයි කම්මා නිවුස් වාර්තා කර තිබුණා.

හෙල්මන්ඩ් පළාතේ තලෙයිබාන් තොරතුරු හා සංස්කෘතික අධ්‍යක්ෂ හෆීස් රෂීඩ් පැවසුවේ හේරාට්-කන්දහාර් අධිවේගී මාර්ගයේ දී තිරිඟු පිටි පිරවූ තවත් ට්‍රක් රථ කිහිපයක් අල්ලා ගත් බවයි.

පාකිස්ථානයට රැගෙන යාම සඳහා හෙල්මන්ඩ් පළාතේ වෂීර් දිස්ත්‍රික්කයේ සමාගම් කිහිපයක් විසින් ට්‍රක් රථ වෙත මෙම තිරිඟු පිටි තොග පටවා ඇති බව අනාවරණය වී තිබෙනවා.

මෙම සිදුවීම් වාර්තා වූයේ නවදිල්ලිය විසින් සපයන ලද මානුෂීය ආධාර බෙදා හැරීමේ මෙහෙයුම් අධීක්ෂණය කිරීමට සහ තලේබාන් සංවිධානය සමඟ සාකච්ඡා කිරීමට පසුගිය සතියේ ඉන්දියානු නියෝජිත කණ්ඩායමක් කාබුල් වෙත යවා තිබූ පසුබිමක වීම විශේෂත්වයක්.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ පාලන බලය අත්පත් කර ගැනීමෙන් පසු ඉන්දීය රජයේ නියෝජිතයන් කාබුල් වෙත එවැනි සංචාරයක් සිදු කරන පළමු අවස්ථාව මෙය වනවා.

Share This