IMF ණය ලැබෙන්නේ මේ වසර අවසානයේ ?

IMF ණය ලැබෙන්නේ මේ වසර අවසානයේ ?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලංකාවට ණයක් ලැබීමට මේ වසර අවසානය වන තෙක් සිටීමට සිදුවෙනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරනවා.

ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමට යොමු විය යුතු බවත් එය පහසු කටයුත්තක් නොවන බවත් ඔහු පෙන්වා දෙනවා.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ගන්න මේ අවුරුද්ද අන්තිම වෙනකන් ඉන්න වෙනවා. ඊට කලින් නම් සල්ලි ලැබෙන්නේ නෑ.හෙට අනිද්දා ඒ අයගේ කාර්ය මණ්ඩලයක් එනවලු සාකච්ඡා කරන්න. හැබැයි සාකච්ඡා ඉවරවෙලා ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එක අත්සන් කිරීම තව මාසෙකින් මාස දෙක හමාරකින් වේවි.

ණය ලබාගන්න නම් අයි.එම්.එෆ්. බෝඩ් එක අනුමත කරන්න ඕන ණය ගිවිසුම. ඒක කරන්න සෑහෙන වැඩ කොටසක් කරන්න සිදුවෙනවා. ඒ කියන්නේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වෙනස් කරන්න වෙනවා. රජයේ ආදායම වැඩි කරගන්න වෙනවා. වියදම අඩු කරන්න වෙනවා. සහනාධාර ගැන හිතන්න වෙනවා. ඔක්කොටම වැඩියෙන් ණය ප්‍රතිව්‍යුහ ගත කිරිමට යොමුවීම ගැන හිතන්න වෙනවා. ඒක ලේසි නෑ.” යනුවෙන් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළා.

Share This