තායිවානය අස්ථාවර නොකරන්නැයි අනතුරු ඇඟවීමක්

තායිවානය අස්ථාවර නොකරන්නැයි අනතුරු ඇඟවීමක්

තායිවානය අස්ථාවර කරන ක්‍රියාමාර්ගවලින් වැළකී සිටිය යුතු බවට එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් චීනයට අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

සිංගප්පූරුවේ වාර්ෂික ෂැංග්‍රිලා සංවාදයට සමගාමීව පැවති හමුවකදී ඇමරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් චීන ජාතික ආරක්ෂක අමාත්‍ය ජනරාල් වෙයි බොට් ෆෙං හමුවේ මේ බව ප්‍රකාශ කළේ යැයි සඳහන්.

එක්සත් ජනපදය දිගුකාලීනව පවතින එක්-චීන ප්‍රතිපත්තියට කැපවී සිටින බව ද ආරක්ෂක ලේකම්වරයා මෙහිදී පවසා තිබෙනවා.

කෙසේවෙතත් , සමුද්‍ර සන්ධිය හරහා සාමයේ සහ ස්ථාවරත්වයේ පැවැත්මේ වැදගත්කමත් තායිවානය කෙරෙහි තවදුරටත් අස්ථාවර ක්‍රියාවලින් වැළකිය යුතු බවත් සුවිශේෂී බවයි ඔහු පවසා ඇත්තේ.

එක් චීනයක් ප්‍රතිපත්තිය යටතේ එක්සත් ජනපදය තායිවානය චීනයෙන් වෙනම පවතින රාජ්‍යයක් ලෙස පිළි නොගත්ත ද , 1979 තායිවාන සබඳතා පනත මගින් තායිවානයේ ආරක්ෂාව සඳහා ආයුධ සැපයීමට බැඳී සිටිනවා

Share This