ප්‍රජා ජල, මාර්ග, පාලම් ආදි සංවර්ධන ව්‍යාපෘති 14ක ප්‍රගතිය සමාලෝචනය කෙරේ
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ පළාත් පාලන අංශයේ, විදේශ ආධාර ලබන සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ප්‍රගතිය විමසා බැලෙන සමාලෝචන රැස්වීම ඊයේ (16) දින එම අමාත්‍යංශයේදී පැවැත්වුණා.
පාර්ලිමේන්තුවේ සභානායක, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පවතී රැස්වීමට අමාත්‍යංශයේ නිලධාරීහුද එක්ව සිටියා
එහිදී ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජයිකා ආයතනය, නෙදර්ලන්තයේ රාබෝ(Rabo) බැංකුව, එක්සත් රාජධානිය හා ඔස්ට්‍රියාව විසින් ආධාර ලබාදෙනු ලබන, රට පුරා පළාත් පාලන ආයතන හරහා ක්‍රියාත්මක වන ප්‍රජා ජල, මාර්ග, පාලම් ආදි සංවර්ධන ව්‍යාපෘති 14ක ප්‍රගතිය සමාලෝචනය කර තිබෙනවා