තායිවානය ගැන ඇමරිකාවේ වෙනස

තායිවානය ගැන ඇමරිකාවේ වෙනස

එක්සත් ජනපදය තායිවානය සම්බන්ධයෙන් සිය ප්‍රතිපත්තිය වෙනස් කරමින් සිටින බවත් ඒ පිළිබදව සිය කනස්සල්ල පළ කරන බවත් චීනය පවසනවා.

චීනයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන යැං ජීචි සහ එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් පසුගියදා ලක්සම්බර්ග්හිදී විශේෂ සාකච්ඡාවක නිරත වුණා.

එහිදී යැං සඳහන් කර ඇත්තේ එක්සත් ජනපදය චීනය පාලනය කිරීමට තායිවානය භාවිතා කිරීමේ ප්‍රවේශය දිගටම පවත්වාගෙන යන බවයි.

එමෙන්ම තායිවානය ද ස්වාධීනත්වය සඳහා එක්සත් ජනපදය මත යැපීම අඛණ්ඩව සිදුකරන බවට ඔහු චෝදනා කළා.

මෙම ප්‍රවේශයන් අඛණ්ඩව අනුගමනය කළහොත් තත්වය බැරෑරුම් වනු ඇති බවයි ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේවෙතත්, එක්සත් ජනපද නියෝජිත ජේක් සුලිවන්ට අනුව, දෙරට අතර තරඟකාරිත්වය කළමනාකරණය කිරීම සඳහා විවෘත සන්නිවේදන මාර්ග පවත්වා ගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබෙනවා.

උතුරු කොරියාව සහ යුක්රේනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් ද මෙහිදී දෙපාර්ශවය සාකච්ඡා කළ බව එම හමුවෙන් අනතුරුව දෙපාර්ශය නිකුත් කළ නිවේදනයක සදහන්.

Share This