ප්‍රංශ ජනපති මැක්‍රොන්ට බහුතරය අහිමිවේ

ප්‍රංශ ජනපති මැක්‍රොන්ට බහුතරය අහිමිවේ

ප්‍රංශ මැතිවරණයේදී නැවත ජනාධිපති ලෙස තේරී පත්වී මාස දෙකකටත් අඩු කාලයකදී එමානුවෙල් මැක්‍රොන්ට බහුතරය අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බහුතරයක් ලබා දෙන ලෙස ඔහු ඡන්දදායකයින්ගෙන් ඉල්ලා සිටි නමුත් දැනට නිකුත්ව ඇති ඡන්ද ප්‍රතිඵලවලට අනුව ජනපති මැක්‍රොන්ගේ ඔන්සොම්බල් පක්ෂයට ලබාගැනීමට හැකිව තිබෙන්නේ ආසන 245ක් පමණයි.

පාර්ලිමේන්තුව තුළ බහුතරය ලබාගැනීමට එක් පක්ෂයක් ආසන 289ක් ලබාගත යුතු බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා

ප්‍රතිවාදී නූප්ස් පක්ෂය ආසන 131 ක් ලබාගැනීමට සමත්ව තිබෙනවා

Share This