අගමැති චීන නියෝජ්‍ය තානාපති හමුවේ

අගමැති චීන නියෝජ්‍ය තානාපති හමුවේ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ චීනයේ නියෝජ්‍ය තානාපති හු වේයි මහතා අතර අද (21) උදෑසන සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය කාර්යාලය දි පැවැත්වී තිබෙනවා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව චීනය සමඟ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවද අගමැතිවරයා එහිදී සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කළ චීන නියෝජ්‍ය තානාපතිවරයා, ආහාර අර්බුදය සමනය කිරීම සඳහා චීනය ශ්‍රී ලංකාවට සහල් පරිත්‍යාග කරන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ට නැවත සහතික වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළා.

Share This