ශී‍්‍ර ලංකාවේ ජපන් තානාපති හා අධ්‍යාපන අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්

ශී‍්‍ර ලංකාවේ ජපන් තානාපති හා අධ්‍යාපන අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්

ශී‍්‍ර ලංකාවේ ජපන් තානාපති මිසුකොෂී හිදාකි මහතා හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා අතර හමුවක් අද (24) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

එහිදී ජපානය හා ශී‍්‍ර ලංකාව අතර ඇති අන්තර් ජාතික සබඳතා සහ අප රටේ වත්මන් අධ්‍යාපන ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් ද අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ඉදිරියට ක‍්‍රියාත්මක කිරීමට නියමිත වැඩ පිළිිවෙල පිළිබදව ද මෙහිදි සාකච්ඡාට ලක් වී තිබෙනවා.

ශී‍්‍ර ලංකාවේ අධ්‍යාපන ලබන දරුවන් ජපන් භාෂාව විෂයක් ලෙස හැදෑරීමේ වැදගත් කම පිළිබදව ද වැඩිදුරටත් මෙහිදී සාකච්ඡා වූ බව සඳහන්

නව අධ්‍යාපන අමාත්‍යතුමාට තානාපතිතුමන්ගේ සුබ පැතුම් ද එක් කරමින් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් ඕනෑම අවශ්‍ය අවස්ථාවක දී තම සහයෝගය ලබා දෙන බව තානාපතිතුමන් ප්‍රකාශ කර තිබෙනවා.

Share This