රන්දෙණිගල සහ රන්ටැඹේ ජලාශවල ජලය හොර පාරෙන් මුදා හැරුණේ ඇයි ?

රන්දෙණිගල සහ රන්ටැඹේ ජලාශවල ජලය හොර පාරෙන් මුදා හැරුණේ ඇයි ?

රටේ විදුලි අර්බුදයක් පවතින අවස්ථාවකදී රන්දෙණිගල සහ රන්ටැඹේ ජලාශවල ජලය හොර පාරකින් මුදා හැරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා

ස්වර්ණවාහිනි පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා විසින් පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලකට අනුව මේ විමර්ශනය පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් රන්දෙණිගල සහ රන්ටැඹේ ජලාශ පරිශ්‍රයට ගොස් නිරීක්ෂණ කරමින් එම ජලාශය භාර නිලධාරීන් 17 දෙනකුගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවද වාර්තා වනවා

ටර්බයින් මගින් විදුලි උත්පාදනයක් නොකර ගොවිබිම්වලට ජලය නිකුත් කරන ඇළ මාර්ගයක් ඔස්සේ ජලය නිකරුණේ මුදාහැර ඇති බව එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අනාවරණය වී තිබෙනවා.

විදුලිය නිෂ්පාදනය කිරීමට ඇති ජලය එසේ හොර පාරෙන් නිකරුණේ මුදා හැරීම හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට පෞද්ගලික තාප විදුලි බලාගාර දෙකකින් විදුලිය මිල දී ගැනීමට සිදුව ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයේදී අනාවරණය වී තිබෙන බව එම පුවත්පතේ සඳහන් වනවා.

ඒ වෙනුවෙන් අදාළ පෞද්ගලික විදුලි බලාගාරවලට ගෙවා ඇති මුදල රුපියල් මිලියන 162ක්

ජලය මුදා හැරීම සහ පෞද්ගලික බලාගාරවලින් විදුලිය ගැනීම විදුලිබල මණ්ඩලයේ යම් නිලධාරීන් කණ්ඩායමකගේ පෞද්ගලික වාසිය වෙනුවෙන් සිදු වූවක් දැයි සොයා වැඩිදුර විමර්ශන මේ වන විට සිදු වෙමින් ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා

Share This