ගාල්ලේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් සංචාරක මණ්ඩලය ඉල්ලයි

ගාල්ලේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් සංචාරක මණ්ඩලය ඉල්ලයි

ගාල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකට පැමිණි විදේශිකයන් කිහිප දෙනෙකුට ඉන්ධන ලබා දීම ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් ආරම්භ කරන ලෙස සංචාරක මණ්ඩලය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ නිවේදනයක් නිකුත් කරමින්.

සමාජ මාධ්‍ය ඔස්සේ අදාල වීඩියෝව හුවමාරු වන අතර එය සිදුව ඇත්තේ ඊයේ (01)දිනයේ බවයි පැවසෙන්නේ.

ඊයේ දින (01) එනම් සිකුරාදා දිනය වෙන් කර ඇත්තේ සෞඛ්‍ය අංශ සේවකයන්ට ඉන්ධන ලබා දීම සදහා පමණයි.

විදේශීය සංචාරකයින් ඉන්ධන ලබා ගැනීම සදහා ඊයේ දින (01) ගාල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකට පැමිණ තිබු අතර එහි සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු විදේශිකයන්ට පවසන්නේ, අද සිකුරදා බැවින් ඉන්ධන නිකුත් කරන්නේ සෞඛ්‍ය අංශ සේවකයන්ට පමණක් බවයි.

ඊට අදාල වීඩියෝව සංසරණය වීමෙන් අනතුරුව, ඒ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් ආරම්භ කරන ලෙස සංචාරක මණ්ඩලය පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීමට අදාල නිවේදනය පහත දැක්වෙනවා.

Share This