
ලෝක ත්‍රස්තවාදය ගැන අනතුරු ඇඟවීමක්
ත්‍රස්තවාදී සංවිධාන රසායනික අවි වෙත ප්‍රවේශ වීමේ හැකියාව පිළිබද ලෝකයේ අවධානය යොමුවිය යුතු බව ඉන්දියාව අවධාරණය කරනවා.
එක්සත් ජාතීන්ගේ ඉන්දියාවේ නිත්‍ය නියෝජිත කාර්යාලයේ උපදේශක ප්‍රතික් මතුර් මේ බව සඳහන් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී සිරියාවේ “රසායනික අවි භාවිතය” පිළිබඳ අදහස් දක්වමින්.
මැදපෙරදිග කලාපයේ රසායනික අවි වෙත ප්‍රවේශ වීමට ත්‍රස්තවාදීන්ට ඇති හැකියාව සම්බන්ධයෙන් ඉන්දියාව නැවත නැවතත් අනතුරු අඟවන බව ඔහු එහිදී පවසා තිබෙනවා.
පවතින ගැටළු විසඳීම සඳහා සිරියාව සහ රසායනික අවි තහනම් කිරීමේ සංවිධානයේ තාක්ෂණික ලේකම් කාර්යාලය අතර අඛණ්ඩව සම්බන්ධ වීමට ඉන්දියාව ලෝකය දිරිමත් කරන බවද ඔහු සඳහන් කළේ යැයි විදෙස් වාර්තාවල සඳහන්.
මැද පෙරදිග කලාපයේ ඇතැම් රටවල පවතින රසායනික අවි ලෝකයට තර්ජනයක් බව ආරක්ෂක විශේලේෂකයන් දිගින් දිගටම අවධාරණය කරනවා.
එම අවි අනාරක්ෂිත බවත් ඒ හරහා සමස්ත ලෝකයම දැවැන්ත අනතුරකට පත්වීමේ අවදානමක් ඇති බවත් ඔවුන්ගේ අදහසයි.