ලක්ෂ 50ක් QR ක්‍රමයට

ලක්ෂ 50ක් QR ක්‍රමයට

අද(31) පස්වරුව වන විට වාහන මිලියන 5ක් පමණ QR පද්ධතිය අනුගමනය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

එසේම ඉන්ධන පිරවුම්හල්වලින් 95%ක් පමණ මෙම QR පද්ධතිය අනුගමනය කර ඇති බවයි අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ දැක්වෙන්නේ.

එසේම QR කේත ක්‍රමය අනුගමනය කළ වාහන අතර පෙරමුණ ගෙන ඇත්තේ යතුරුපැදි වන අතර එම ප්‍රමාණය ලක්ෂ 28ක්.

ත්‍රී රෝද රථ ලක්ෂ 09ක් පමණ සහ මෝටර් රථ ලක්ෂ 07කට අසන්න ප්‍රමාණයක් QR කේත ක්‍රමය අනුගමනය කර තිබෙනවා.

Share This