සාදයකදී බීමත්ව ගීත ගායනා කර නර්තනයේ යෙදුණු ෆින්ලන්ත අගමැතිනිගේ වීඩියෝවට පාර්ශ්ව රැසකින් විරෝධය

සාදයකදී බීමත්ව ගීත ගායනා කර නර්තනයේ යෙදුණු ෆින්ලන්ත අගමැතිනිගේ වීඩියෝවට පාර්ශ්ව රැසකින් විරෝධය

සාදයකදී බීමත්ව ගීත ගායනා කරමින් නර්තනයේ යෙදෙන වීඩියෝවක් ප්‍රසිද්ධියට පත්වීම සම්බන්ධයෙන් ෆින්ලන්ත අගමැතිනි සන්නා මරීන්ට චෝදනා එල්ල වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ඇය මෙලෙස විනෝද වීම පාර්ශව රැසකගේ දැඩි දෝෂාරෝපණයට ලක් ව ඇති බවයි.

අදාළ සාදයේදී මත්ද්‍රව්‍ය භාවිත කළ බවට එල්ලවන චෝදනා අගමැතිනිය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර අගමැතිනි සන්නා මරීන් තමන් කිසිදු අවස්ථාවක නීති විරෝධී කිසිවක් සිදුකර නොමැති බව පවසා තිබුණා.

මේ වනවිට 36 හැවිරිදි වියෙහි පසුවන සන්නා මරින් කාලයක් සැළකුණේ ලොව වයසින් අඩුම රාජ්‍ය නායිකාව ලෙසයි.

 

Share This