ඇල්ජීරියාවේ සිදුවූ අනතුරකින් 9 දෙනෙක් ජීවිතක්ෂයට

ඇල්ජීරියාවේ සිදුවූ අනතුරකින් 9 දෙනෙක් ජීවිතක්ෂයට

ගිනිකොනදිග ඇල්ජීරියාවේදී බස් රථයක් සහ ඉන්ධන ප්‍රවාහන රථයක් ගැටීමෙන් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මෙම අනතුරින් තවත් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එරට සිවිල් ආරක්ෂක අංශ පවසන්නේ.

එරට රජයේ මාර්ග ආරක්ෂණ ආයතනයකට අනුව උතුරු අප්‍රිකාවේ මාර්ග අනතුරු සඳහා ප්‍රධාන හේතුව වේගය ලෙසයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ .

Share This