ඉන්දීය නළු රෂීඩ් ඛාන් අත්අඩංගුවට

ඉන්දීය නළු රෂීඩ් ඛාන් අත්අඩංගුවට

ඉන්දියාවේ ජනප්‍රිය නළුවෙකු සහ නිෂ්පාදකවරයෙකුවන  කමල් රෂීඩ් ඛාන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

2020 වසරේදී පළකරන ලද ට්විටර් සටහනක් සම්බන්ධයෙන් මෙලෙස කමල් රෂීඩ් ඛාන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා කරන්නේ

ඔහුව මුම්බායි ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇති අතර අභාවප්‍රාප්ත වූ ඉන්දීය සුපිරි නළුවන් වන රිෂි කපූර් සහ ඉර්ෆාන් ඛාන් සම්බන්ධයෙන් කමල් රෂීඩ් ඛාන් 2020 වසරේදී අපහාසාත්මක ප්‍රකාශ ට්විටර් ගිණුම ඔස්සේ පළකර ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් කමාල් ආර් ඛාන් පසුව බොරිවාලි හි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share This