හැකර් ප්‍රහාර ගැන අලුත් හෙළිදරව්වක්.

හැකර් ප්‍රහාර ගැන අලුත් හෙළිදරව්වක්.

සිය භූ දේශපාලන ඉලක්ක සපුරා ගැනීම සඳහා චිනය හැකර් ප්‍රහාර යොදාගන්නා බවට අමෙරිකාව විසින් අනාවරණ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව අමෙරිකානු තාක්ෂණික ආරක්ෂක සමාගමක් අනාවරණ කර ඇත්තේ හැකර්වරුන්ගේ නවතම ඉලක්කය වී ඇත්තේ දකුණු චීන මුහුදේ පිහිටි බලශක්ති සමාගම් බවයි.

හැකර්වරුන් විසින් මැලේසියාවේ කසවාරි ගෑස් ව්‍යාපෘතිය, ඔස්ට්‍රේලියානු රජය සහ තායිවාන සමුද්‍ර සන්ධියේ පිහිටි සුළං බලාගාරයක් ඉලක්ක කර වසරකට අධික කාලයක් පුරා ඔත්තු බැලීමේ නිරතව සිටින බවයි අදාළ අමෙරිකානු තාක්ෂණික ආරක්ෂක සමාගම අනාවරණ කර ඇත්තේ.

චීනයේ TA423 නම් හැකර්වරුන් කණ්ඩායමක් විසින් මෙම ඔත්තු බැලීම සිදුකරන බව ද අදාළ අමෙරිකානු සමාගම අනාවරණ කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නනේ.

කෙසේවෙතත් විදෙස් වාර්තා පැවසුවේ මෙම තර්ජනය සම්බන්ධයෙන් අදහස් දැක්වීම මැලේසියාවේ කසවාරි ගෑස් ව්‍යාපෘතිය මෙහෙයවන සමාගම විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි.

ව්‍යාපෘතිය සතු වත්කම් සහ මෙහෙයුම් ආරක්ෂා කිරීම සඳහා හොඳම ආරක්ෂක උපායමාර්ග ක්‍රියාත්මක කර ඇති බව ද එම සමාගම පවසා තිබෙනවා.

Share This