IMF ප්‍රධානී Kristalina සතුටෙන්

IMF ප්‍රධානී Kristalina සතුටෙන්

IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා රජයේ නිලධාරීන්, ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක පමණ විස්තීරණ අරමුදල් පහසුකමක් සමඟින් රටේ ආර්ථික ප්‍රතිපත්තිවලට සහාය වීම සඳහා මාණ්ඩලික මට්ටමේ එකඟතාවකට පැමිණීම පිළිබඳව තමන් ඉතා සතුටට පත්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී Kristalina Georgieva මහත්මිය පවසනවා.

මෙය ශ්‍රී ලංකාවට වැදගත් ඉදිරි පියවරක් බවයි ඇය සිය ට්විටර් ගිණුමෙන් දක්වා ඇත්තේ.

මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව කාර්යය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පසුගියදා එළඹුණා,

එහිදී මාස 48ක වැඩපිළිවෙළක් යටතේ අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය පහසුකමක් ශ්‍රී ලංකාවට ලබාදීමටයි යෝජනා කෙරුණේ.

Share This