ගංවතුරෙන් බැට කෑ පාකිස්ථානයට තවත් අවදානමක්

ගංවතුරෙන් බැට කෑ පාකිස්ථානයට තවත් අවදානමක්

පාකිස්ථානයේ විශාලතම ස්වභාවික මිරිදිය විල වන මන්චාර් විලේ ඉවුරු කඩා යාමේ අවදානමක් පවතින බව විදෙස් මාධ්‍ය පවසනවා.

එය වළක්වා ගැනීම සඳහා පාකිස්ථාන බලධාරීන් දැඩි උත්සහයක නිරත වී සිටින බවයි වාර්තා වන්නේ.

පාකිස්ථානයේ සමස්ථ භූමි ප්‍රමාණයෙන් තුනෙන් එකක් පමණ තවදුරටත් ජලයෙන් යටවී තිබෙනවා.

ගංවතුර තත්ත්වය හේතුවෙන් මන්චාර් විලද පිටාර ගලමින් පවතින අතර ඉවුරු කඩාගෙන යාම වැළැක්වීම සඳහා එහි ජල මට්ටම ඉහළ යාම පාලනය කිරීම වෙනුවෙන් බලධාරීන් දැඩි වෙහෙසක් ගනිමින් සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

විල පිටාර ගැලීම හේතුවෙන් මේවනවිටත් ලක්ෂයක පමණ පිරිසක් අවතැන් වී ඇතැයි සඳහන්.

එවන් පසුබිමක් තුළ මන්චාර් විලේ ඉවුරු බිඳී ගිය හොත් එය බරපතල තත්ත්වයක් උදා කරනු ඇතැයි පාකිස්ථාන බලධාරීන් බිය පළ කරනවා.

 

 

Share This