‘ධම්මපදය ’ මත අත තබා දිවුරුම් දුන් එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු ලේකම්වරිය

‘ධම්මපදය ’ මත අත තබා දිවුරුම් දුන් එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු ලේකම්වරිය

එක්සත් රාජධානියේ නව ස්වදේශ කටයුතු ලේකම්වරිය ලෙස 42 හැවිරිදි ඉන්දීය සම්භවයක් ඇති බැරිස්ටර් Suella Braverman පත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Suellaගේ මව Uma හින්දු දමිළ කාන්තාවක් වන අතර පියා Christie Fernandes වනවා .

ඇගේ මව මුරුසියේ සිට එක්සත් රාජධානියට සංක්‍රමණය වූ අතර ඇගේ පියා 1960 වසරේ කෙන්යාවෙන් සංක්‍රමණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Suella Braverman 1980 අප්‍රේල් 3 වන දින ලන්ඩනයේ හැරෝ හිදී උපත ලබා තිබෙනවා

ඇය වසර දෙකක් ප්‍රංශයේ ජීවත් වූ අතර, Panthéon-Sorbonne හි යුරෝපීය සහ ප්‍රංශ නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සම්පූර්ණ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

Liz Truss එක්සත් රාජධානියේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වීමෙන් පසු, ඇය සිය ස්වදේශ කටයුතු ලේකම් ලෙස Suella Braverman පත් කරනු ලැබුවා

Suella Braverman යනු ලන්ඩන් බෞද්ධ මධ්‍යස්ථානයට නිතිපතා පැමිණෙන බෞද්ධයෙක් වන බවත් බුදුන් වහන්සේගේ වදන් ඇතුළත් ‘ධම්මපද’ ග්‍රන්ථය මත පාර්ලිමේන්තුවේ දී දිවුරුම් දුන් බවත් ‘THE ECONOMICS TIMES’ පුවත්පත සඳහන් කර තිබෙනවා

Suella Braverman දෙදරු මවක් වන අතර ඇය 2018 පෙබරවාරි මාසයේදී හවුස් ඔෆ් සී හිදී Rael Braverman සමග විවාහ දිවියට එළඹුණා

Share This