හත් හැවිරිදි දැරියකට පහර දී ඝාතනය කර කවරයකට දමා ගල් පුරවා පතලකට දමලා

හත් හැවිරිදි දැරියකට පහර දී ඝාතනය කර කවරයකට දමා ගල් පුරවා පතලකට දමලා

හත් අවුරුදු දැරියකට පහර දී ඝාතනය කර පොහොර කවරයකට දමා එයට ගල් පුරවා පතලකට දමා ඇති පුවතක් දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා.

ස්වර්ණවාහිනි පත්තරේ වැඩසටහනින් ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

එම ඝාතනය සම්බන්ධයෙන් දැරියගේ මව ඇතුළු කාන්තාවන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිසිය පවසනවා.

තවත් අඹුසැමි යුවළක් ද මෙම ඝෘතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙයවන බවයි පොලිසිය සඳහන් කරන්නේ

ප‍්‍රදේශයෙන් පලාගොස් ඇති ප‍්‍රධාන සැකකරු බවට සැකකරන පුද්ගලයා ස්ත‍්‍රී දූෂණ, ළමා අතවර, පුද්ගලයන්ට ඇසිඩ් ගැසීම්, සොරකම්, නීති විරෝධී මත්පැන් ජාවාරම වැනි අපරාධ ගණනාවකට චෝදනා ලද්දකු බවද පොලිසිය පවසනවා.

 

Share This