ඉන්දියාවේ නාගරික විරැකියාවේ අඩුවීමක්

ඉන්දියාවේ නාගරික විරැකියාවේ අඩුවීමක්

ඉන්දියාවේ නාගරික විරැකියා අනුපාතය අප්‍රේල්-ජූනි කාර්තුවේදී කැපී පෙනෙන ලෙස පහළ බැස ඇති බව එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය අනාවරණය කර තිබෙනවා.

එය වසරකට පෙර අදාළ කාර්තුවේදී සියයට 12.6 ක් ව පැවති අතර මේ වසරේ අප්‍රේල්-ජූනි කාර්තුවේදී සියයට 7.6 දක්වා පහත වැටී ඇති බව සඳ හන්.

ගෙවුණු 2021 වසරේ අප්‍රේල්-ජූනි මාසවල රැකියා විරහිතභාවය ඉහළ මට්ටමක පැවතීමට ප්‍රධාන හේතුව රට තුළ පැවති කොවිඩ් සීමාවන්ගේ බලපෑම බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ.

අදාළ වාර්තාවලට අනුව, නාගරික ප්‍රදේශවල කාන්තාවන් අතර විරැකියා අනුපාතය 2021 අදාළ කාර්තුවේ සියයට 14.3 ක් ව පැවති අතර 2022 එම කාලය තුළ සියයට 9.5 දක්වා අඩු වී ඇති බව සඳහන්.

 

 

Share This