මහ රැජිනගේ දේහය බැල්මොරල් සිට එඩින්බරෝ වෙත රැගෙන යයි

මහ රැජිනගේ දේහය බැල්මොරල් සිට එඩින්බරෝ වෙත රැගෙන යයි

දෙවන එලිසබෙත් මහ රැජිනගේ දේහය රැගත් රථ පෙළපාලිය බැල්මොරල් මාලිගයේ සිට එඩින්බරෝහි හෝලිරුඩ් හවුස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

ඒ සඳහා පැය හයක කාලයක් ගත වන බවයි විදෙස් මාධ්‍ය දක්වා ඇත්තේ

අනතුරුව එඩින්බරෝහි ශාන්ත ජයිල්ස් ආසන දෙව්මැදුර වෙත රැගෙන යන දේහය පැය 24ක කාලයක් එහි තැන්පත් කෙරෙන බව ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී මහ රැජිනට ගෞරව දැක්වීමට එරට වැසියන්ට අවස්ථාව හිමිවනු ඇති.

Share This