රැජිනගේ දේහය එඩින්බරෝ මාලිගය වෙත රැගෙන එයි (VIDEO)

රැජිනගේ දේහය එඩින්බරෝ මාලිගය වෙත රැගෙන එයි (VIDEO)

දෙවන එළිසබෙත් රැජිනගේ දේහය බැල්මොරල් කාසල් සිට ස්කොට්ලන්තය හරහා පැය හයක ගමනකින් පසු එඩින්බරෝහි හොලිරූඩ්හවුස් මාලිගය වෙත ගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

සැප්තැම්බර් 19 සඳුදා පැවැත්වෙන දෙවන එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවයට එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ ජනාධිපති ආර්යාව ජිල් බිඩෙන් සහභාගී වන බව ධවල මන්දිරය තහවුරු කර තිබෙනවා

එමෙන්ම බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වන බව ප්‍රකාශ කර ඇති අතර බ්‍රසීල විදේශ අමාත්‍යාංශය සඳහන් කරන්නේ සැප්තැම්බර් 19 වන දින රැජිනගේ භූමදානය සිදු කිරීමට පෙර ජනාධිපතිවරයා ලන්ඩනයට යන බවයි.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද රැජිනගේ අවසන් කටයුතු වෙනුවෙන් සහභාගී වන බව දන්වා තිබෙනවා

ලොව උසම බර්ජ් කලීෆා ගොඩනැගිල්ලද රැජිනගේ පින්තූරයකින් ආලෝකමත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Share This