දෙවන එළිසබෙත් රැජිනට ගෞරව දැක්වීමට සහභාගිවන්නන්ට උපදෙස් මාලාවක්

දෙවන එළිසබෙත් රැජිනට ගෞරව දැක්වීමට සහභාගිවන්නන්ට උපදෙස් මාලාවක්

වෙස්ට්මිනිස්ටර් මාලිගයේ පැවැත්වෙන දෙවන එළිසබෙත් රැජිනට ගෞරව දැක්වීම සඳහා සහභාගී විය හැකි ආකාරය පිළිබඳ තොරතුරු අනාවරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එය බදාදා දිනයේ සිට ආරම්භ වන අතර සැප්තැම්බර් 19 සඳුදා 06:30 දක්වා පවතිනු ඇති බවයි එම වාර්තාවල සඳහන් වන්නේ.

රැජිනට ගෞරව දැක්වීමට මෙම බදාදා දිනයේ සිට දවසේ පැය 24 පුරාම විවෘතව පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ආහාර පාන මෙන්ම සුදුසු ඇඳුම් පැළඳුම් රැගෙන එන ලෙසද ජනතාවට උපදෙස් ලබා දී තිබෙන බවද සඳහන්.

රැජිනට අවසන් ගෞරව දැක්වීමට කැමති ශෝකවන්නන්ට දිගු පෝලිම්වල රැඳී සිටීමට වෙතැයිද අනතුරු අඟවා තිබෙන බවද වාර්තා වනවා.

සඳුදා රාජකීය පවුලේ සාමාජිකයන් සමගින් රැජිනගේ දේහය සහිත අවමංගල්‍ය රථය ස්කොට්ලන්ත නගරයේ ශාන්ත ගයිල්ස් ආසන දෙව්මැදුර වෙත ගමන් කිරීමට නියමිතව තිබෙනවා.

එහිදී දේව මෙහෙයක් පැවැත්වෙන අතර දේහය මහජනතාවට ගෞරව දැක්වීම සඳහා පැය 24 ක් දෙව්මැදුරේ තබා ආපසු බකිංහැම් මාලිගය වෙත නැවත ගමන් කරනු ඇති

වෙස්ට්මිනිස්ටර් මාලිගය තුළ නිශ්ශබ්දව සිටීම සහ ඇඳුම් පැළඳුම් නිසි ලෙස ඇඳීම ඇතුළුව උත්සවයේ ගෞරවයට ගරු කරමින් හැසිරෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා

වෙස්ට්මිනිස්ටර් මාලිගයේ රූගත කිරීම්, ඡායාරූප ගැනීම සහ ජංගම දුරකථන හෝ වෙනත් උපාංග භාවිතයට ඉඩ නොදෙන බවද සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

දෙවන එළිසබෙත් රැජිනට ගෞරව දැක්වීම සඳහා පැමිණෙන අය කාලගුණික තත්ත්වයන් සඳහා සුදුසු ඇඳුම්,පෝලිමේ සිටිමින් පරිභෝජනය කිරීමට ආහාර සහ බීම ,අතේ ගෙන යා හැකි ජංගම දුරකථන චාජර්, ළඟ තබා ගැනීමට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ හෝ උපකරණ පමණක් රැගෙන ආ යුතු බවයි දන්වා තිබෙන්නේ

ප්ලාස්ක් වතුර බෝතල් රැගෙන නොපැමිණිය යුතු අතර මල් හෝ වෙනත් ද්‍රව්‍ය රැගෙන යා හැක්කේ ග්‍රීන් පාර්ක්හි වෙන් කර ඇති ප්‍රදේශයට පමණක් වනවා

පිහි ඇතුළු තියුණු අයිතම,පුද්ගලික ආරක්ෂක උපකරණ හෝ ආයුධ,තීන්ත ඉසින, අගුල්, දම්වැල්, කඳු නැගීමේ ආම්පන්න සහ ඕනෑම අනතුරුදායක හෝ අනතුරුදායක අයිතම කිසිවක් රැගෙන එම තහනම් වනවා

ගිනිකෙළි,බාධාවක් හෝ ශබ්දයක් ඇති කළ හැකි වෙනත් භාණ්ඩ,කූලර්, හැම්පර්, නිදන බෑග් සහ අනෙකුත් කඳවුරු උපකරණ ආදියද රැගෙන ඒම තහනම් වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Share This