චීන රජයේ නියෝජිත පිරිසකට රැජිනගේ අවමංගල්‍ය උත්සවය තහනම් වෙයිද ?

චීන රජයේ නියෝජිත පිරිසකට රැජිනගේ අවමංගල්‍ය උත්සවය තහනම් වෙයිද ?

දෙවන එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම චීන රජයේ නියෝජිත පිරිසකට තහනම් කරයිද යන්න පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය සැක පළ කර තිබෙනවා

එරට මන්ත්‍රීවරුන් පස් දෙනෙකුට සහ තවත් දෙදෙනෙකුට එරෙහිව චීන සම්බාධක පැනවීම හේතුවෙන් මෙම තහනම පනවා ඇති බවයි එම මාධ්‍ය සැක පළ කර තිබෙන්නේ

පසුගිය වසරේ චීනය විසින් Uighur මුස්ලිම්වරුන්ට බෙයිජිංහිදී අයුතු ලෙස සැලකීමට එරෙහිව කතා කිරීම හේතුවෙන් බ්‍රිතාන්‍ය ජාතිකයින් නව දෙනෙකුට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත් දෙනෙකුට සංචාරක තහනම් කිරීම් සහ වත්කම් තහනම් කිරීම හේතුවෙන් මෙම තහනම ක්‍රියාත්මක බවයි පැවසෙන්නේ

මෙම සිදුවීම එක්සත් රාජධානියේ චීන තානාපතිවරයාට පාර්ලිමේන්තුව තහනම් කිරීමටද හේතුවක් වූ බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

කෙසේ වෙතත්, චීනයේ උප ජනාධිපතිවරයා සඳුදා(19) පැවැත්වෙන රාජ්‍ය අවමංගල්‍යයට සහභාගී වීමට අපේක්ෂා කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

 

Share This