මියන්මාරයේ පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් ළමුන් 11ක් මරුට -15 ක් අතුරුදන්

මියන්මාරයේ පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් ළමුන් 11ක් මරුට -15 ක් අතුරුදන්

උතුරු මියන්මාරයේ පාසලකට හමුදා හෙලිකොප්ටර් යානා එල්ල කළ වෙඩි තැබීමකින් අවම වශයෙන් ළමුන් 11 දෙනෙකු මිය ගොස් තවත් 15 දෙනෙකු අතුරුදන් වී ඇති බව යුනිසෙෆ් සංවිධානයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

කැරලිකරුවන්ගේ බල ප්‍රදේශයක පිහිටි පාසලකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර මියන්මාර හමුදා රජය ප්‍රකාශ කර තිබෙන්නේ මෙම ප්‍රහාරය Let Yet Kone ගම්මානයේ පාසලේ සැඟවී සිටි බව කියන කැරලිකරුවන්ට එල්ල වූ ප්‍රහාරයක් බවයි.

යුනිසෙෆ් සංවිධානය අතුරුදහන් වූ ළමුන් 15 දෙනා වහා නිදහස් කරන ලෙස ඉල්ලා තිබෙන අතර දරුවන් අහිමි වූ දෙමාපියන්ට සහ පවුල්වලට ශෝකය ප්‍රකාශ කර තිබෙනවා

Share This