හිජාබ් නීති කඩ කළ කාන්තාවගේ මරණයට එරෙහි විරෝධතා නිසා ඉරානයේ තවත් ජීවිත 9ක් බිලිගනියි(VIDEO)

හිජාබ් නීති කඩ කළ කාන්තාවගේ මරණයට එරෙහි විරෝධතා නිසා ඉරානයේ තවත් ජීවිත 9ක් බිලිගනියි(VIDEO)

හිජාබ් නීති කඩ කළ බවට චෝදනා කරමින් රඳවාගෙන සිටි මහ්සා අමිනී නැමැති කාන්තාවක් මියයාමත් සමග ඉරානයේ පැවති විරෝධතාවලදී පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මියගිය අය අතර 16 හැවිරිදි පිරිමි ළමයෙකු වන අතර, ආරක්ෂක අංශ විරෝධතාකරුවන්ට වෙඩි තබා ඇති බවයි පැවසෙන්නේ

මෙම නොසන්සුන්තාව ටෙහෙරාන් අගනුවර ඇතුළු ප්‍රධාන නගර 20කට වැඩි ප්‍රමාණයකට පැතිරී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

කාන්තාවන් තම හිස් වැසුම් ගින්නට දමා පුළුස්සන ආකාරය අන්තර්ජාලයට මුදා හරින ලද වීඩියෝ දර්ශනවල සටහන්ව ඇති අතර ඔවුන් එහිදී නිදහස සහ සමානාත්මතාවය අවශ්‍ය බව පවසමින් සටන් පාඨ සඳහන් කරනවා

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කර තිබෙන්නේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කර ගැනීම සඳහා මේ වන විට පෙළපාලි යන ඉරානයේ නිර්භීත කාන්තාවන් සමග ඇමරිකානුවන් සහය දැක්වීම සිටින බවයි.

කාන්තා අයිතිවාසිකම්වලට ගරු කරන ලෙස බටහිර බලවතුන් කළ ඉල්ලීම් ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව එක්සත් ජනපද ජනාධිපතිවරයා මේ බව පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

වයඹ දිග සකේස් නගරයේ 22 හැවිරිදි කුර්දි ජාතික කාන්තාවක් වන Mahsa Amini දින තුනක් ප්‍රතිකාර ලබමින් කෝමා තත්ත්වයේ සිටියදී රෝහලේදී මිය ගොස් තිබෙනවා.

ඇය තම පවුලේ අය සමඟ ටෙහෙරාන් අගනුවරට පැමිණෙමින් සිටියදී පොලිසිය විසින් ඇයව අත්අඩංගුවට ගන්නා ලද අතර, කාන්තාවන්ට හිස සහ අත් සහ පාද ලිහිල් ඇඳුම් වලින් ආවරණය කළ යුතු බවට නීතිය උල්ලංඝනය කළ බවට ඇයට චෝදනා කර තිබෙනවා

Share This