
ඇමතිවරුන්ගේ විදෙස් සංචාරවලට සීමා පැනවේ
රාජ්‍ය වියදම් අවම කිරීමේ අරමුණෙන් අමාත්‍යවරුන්ගේ විදේශ සංචාරයන් අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා පමණක් සීමා කිරීමටත් එවැනි සංචාර සඳහා අත්‍යවශ්‍යම කණ්ඩායමක් පමණක් සහභාගී කරවා ගැනීමටත් ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබෙනවා.
එම යෝජනාව සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී සඳහන් කළේ.