තම මව මරා දැමූ වරදට එක්සත් ජනපදයේ නළුවෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

තම මව මරා දැමූ වරදට එක්සත් ජනපදයේ නළුවෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

එක්සත් ජනපදයේ නළු රයන් ග්‍රන්තම්ට තම මව ඝාතනය කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

2020 වසරේදී ඔහුගේ මව වන බාබරා වේට් ඝාතනය කිරීමේ චෝදනාවට වරද පිළිගැනීමෙන් පසු එක්සත් ජනපද නළු රයන් ග්‍රන්තම්ට වැන්කුවර්හි පිහිටි බ්‍රිතාන්‍ය කොලොම්බියා ශ්‍රේෂ්ඨාධිකරණයේදී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා

මෙම 24 හැවිරිදි තරුණයා කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ ඝාතනය කිරීමටද සැලසුම් කර ඇති බව නඩු පවරන්නන් පවසා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

වැන්කුවර්හි උතුරේ පිහිටි ඔවුන්ගේ නිවසේදී පියානෝ වාදනය කරමින් සිටියදී මවගේ හිස පිටුපසට වෙඩි තැබූ බවයි ග්‍රන්තම් පවසා තිබෙන්නේ

නඩු විභාගය අතරතුරදී ඔහුගේ නීතීඥයින් පවසා තිබෙන්නේ ඔහු කාංසාව සහ මානසික අවපීඩනය සමග පොරබදමින් සිටින බවයි

එමෙන්ම ඔහු තම මව ඝාතනය කිරීමට පෙර මාස කිහිපය තුළදීද සිය දිවි නසා ගැනීමටත් අන් අයට හානි කිරීමටත් උත්සාහ කර ඇති බවද ඔහුගේ නීතීඥයින් පවසා තිබෙනවා

 

Share This