අමෙරිකානු විද්‍යාඥයින්ට ලැබෙන වැඩි ඉඩ  

අමෙරිකානු විද්‍යාඥයින්ට ලැබෙන වැඩි ඉඩ  

චීනය සිය රටේ පිහිටි රසායනාගාරවල සේවය කිරීම සඳහා අමෙරිකානු රසානාගාරවල සේවය කළ විද්‍යාඥයින් බඳවා ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
Strider Technologies නම් තාක්ෂණික ආයතනය නිකුත් කළ නවතම වාර්තාවක් අනාවරණ කරන්නේ අමෙරිකාවේ යුද තාක්ෂණික කටයුතු වැඩිදියුණු කිරීමේ තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ විද්‍යාඥයින් එලෙස චීන රසායනාගාරවල සේවය සඳහා බඳවා ගනිමින් සිටින බවයි.
අමෙරිකාවේ නිව් මෙක්සිකෝහි පිහිටි Los Alamos National Laboratory  නම් රසායනාගාරයේ සේවය කළ විද්‍යාඥයින් එලෙස චීන රසායනාගාරවල සේවය සඳහා බඳවා ගෙන ඇති බව ද අදාළ වාර්තාවේ සඳහන්.
ඒ අනුව Los Alamos National Laboratory  රසායනාගාරයේ සේවය කළ විද්‍යාඥයින් සිය රටේ සේවයට බඳවා ගැනීමෙන් අපේක්ෂා කරන්නේ යුධමය  තාක්ෂණය වැඩිදියුණු කර ගැනීම බව ද  අදාළ වාර්තා සඳහන් කරනවා.
හයිපසොනික් මියසිල, භූගත ගැඹුරු ඉලක්ක වෙත යා හැකි නියමුවන් රහිත ඩ්‍රෝන යානා හා ජෙට් එන්ජින් නිපදවීමේදී එවැනි විද්‍යාඥයින් සතු දැනුම ලබාගැනීම අරමුණ වී ඇති බව ද අමෙරිකානු වාර්තා මගින් අනාවරණ කර තිබෙනවා.
Share This