ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේගේ අවමංගල්‍ය වෙනුවෙන් රාජ්‍ය නායකයින් රැසක් එරටට- රාජ්‍ය අවමංගල්‍යක් පැවැත්වීම ගැන එරටින් විරෝධතා

ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේගේ අවමංගල්‍ය වෙනුවෙන් රාජ්‍ය නායකයින් රැසක් එරටට- රාජ්‍ය අවමංගල්‍යක් පැවැත්වීම ගැන එරටින් විරෝධතා

ඝාතනය කළ ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා රාජ්‍ය නායකයින් එරටට පැමිණෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එහෙත් රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පැවැත්වීම පිළිබඳව ඇතැම් ජපන් ජාතිකයින් විරුද්ධ බව බිබීසී පුවත් සේවය සඳහන් කරනවා

විරෝධය පළ කරමින් ටෝකියෝ හි අගමැති කාර්යාලය අසල පුද්ගලයෙකු ගිනි තබා ගෙන ඇති අතර 10,000 ක් පමණ විරෝධතාකරුවන් අගනුවර වීදි හරහා අවමංගල්‍ය කටයුතු නතර කරන ලෙසට බලකරමින් ගමන් කළ බවද සඳහන් වනවා

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් අවමංගල්‍ය උත්සවයට සහභාගී නොවන නමුත් ඔහුගේ උප ජනාධිපති කමලා හැරිස් සහභාගී වනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද රාජ්‍ය අවමංගල්‍යට සහභාගී වීම සඳහා මේ වනවිට ජපානය බලා පිටත්ව ගොස් තිබෙනවා

සිංගප්පූරු අගමැතිවරයා මෙන්ම ඕස්ට්‍රේලියානු අගමැතිවරයාද මෙම අවස්ථාව සඳහා පැමිණෙන බවට තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිද පැමිණෙන බව විදෙස් මාධ්‍ය තහවුරු කරනවා

ජපානයේ, රාජ්‍ය අවමංගල්‍ය ඉම්පීරියල් පවුලේ සාමාජිකයන් සඳහා වෙන් කර ඇති අතර දෙවන ලෝක යුධ සමයේ සිට දේශපාලනඥයෙකුට මෙම ගෞරවය ලබා දී ඇත්තේ 1967 වසරේදී පමණක් බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා

Share This